Radala Piliruwa Sinhala Film – රදළ පිළිරුව

රදළ පිළිරුව

තිරගත වූ දිනය – 1954 දෙසැම්බර් 24
ඉදිරිපත් කිරීම – සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්පාදනය – කේ. ගුණරත්නම්
අධ්‍යක්ෂණය – ටී. ආර්. සුන්දරම්
කතාව – ඩබ්ලිව්. ඒ. සිල්වා (රදළ පිළිරුව නවකතාවෙන්)
තිර රචනය, දෙබස් – ටී. බී. ඉලංගරත්න
කැමරා අධ්‍යක්ෂණය – ටී. සුබ්බාරාඕ
සංගීත අධ්‍යක්ෂණය – එස්. දක්ෂිණමූර්ති (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු, හර්බට් එම්. සෙනෙවිරත්න

ගීත ප්‍රමාණය – 11
ගීත හා ගායන ශිල්පීන් –
සුදෝ සුදෝ එන්න සුදෝ – මොහිදීන් බෙග්, ජමුනා රාණි
පෙම් ලෝකේ නයන රසී පෙම් – ලතා වල්පොල
මිහිර පෙන්නවා දී ආලේ පෑ – ලතා, ධර්මදාස වල්පොල
මවා ප්‍රේම ලෝකේ – මොහිදීන් බෙග්, ජමුනා රාණි
දින දිනේ අඳුරේ යයි – ලතා වල්පොල
ආලේ කාවී කාලේ – ලතා, ධර්මදාස වල්පොල
සුන් සුන් සුන් ඩාලිං – ලතා, ධර්මදාස වල්පොල
දිලිසේවී රූපේ ප්‍රේමවන්ත – ලතා වල්පොල
ශාන්ති වේවා – ජමුනා රාණි සහ පිරිස
ගී කියන්න ගී කියන්න – ලතා වල්පොල
නම්බුව සොයා සොයා – ලතා වල්පොල සහ පිරිස

ගීත පටිගත කිරීම – මොඩන් තියටර් – සේලම් දකුණු ඉන්දියාව

නිෂ්පාදනයට ගත වූ කාලය – මාස 03
නවකතාවට ගෙවූ මුදල – රු: 20,000

රඟපෑම් – ලැඩී රණසිංහ (රැපියල් බාස්), බර්ට්‍රම් ප්‍රනාන්දු (කාමන්), ඩොමී ජයවර්ධන (චාලි හාමු), බන්දු ගුණසේකර (කමලනාත), හර්බට් එම්. සෙනෙවිරත්න (ගිල්බට්), ප්‍රේමනාත් මොරායස් (ජෝන්), ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා (තෝමස්), ටී. බී. ඉලංගරත්න (දොස්තර ඔලිවර්), රීටා රත්නායක (නන්දා), ශාන්ති ලේඛා (ලැවිනියා), මිලී කහඳවල (හෙලේනා), උදුලා දාබරේ (අයිෂා), ලතා වල්පොල (ඩොලී)

ප්‍රදර්ශනය – පිටපත් 10

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි – මහනුවර, රිච්මන්ඩ් – කළුතර, නඩරාජා – මීගමුව, ඡායා – කෑගල්ල, රත්නාවලී – ජාඇල, ජුපිටර් – කුරුණෑගල, සිනමා ඔලිම්පස් – ගාල්ල

මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්හිදී සවස 6.30 දර්ශනය. ආරාධිත අමුත්තන් වෙනුවෙන් පැවැත්විණ.

ගාමිණී සිනමා ශාලාවෙ දින 70 ක් ප්‍රදර්ශනය විය. ගායිකා ලතා වල්පොල මෙහි රඟපෑමේ යෙදෙන ලදී.

, , , , , , ,

Incoming search terms for sinhala movies: