Related links

Sinhala Film Mathabhedaya – මතභේදය

View more movie pictures and movie trailers ...

මතභේදය

තිරගත කළ දිනය – 1955 අප්‍රියෙල් 14
ඉදිරිපත් කිරීම – මිනර්වා චිත්‍රපට
නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවී
අධ්‍යක්ෂණය, තිර නාටකය, දෙබස් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
කතාව – එස්. ඩී. ස්ටීවන් සිල්වා
නැටුම් – එරන් ප්‍රනාන්දු / මේබල් බ්ලයිත්
සංගීතය – ආර්. ඒ. චන්ද්‍රසේන
ගීත ප්‍රබන්ධනය – ඒ. ජේ. ද සොයිසා ගීත ප්‍රමාණය – 10
ගීත පටිගත කිරීම – මදුරාසියේ සිටඩල් සහ ෆිල්ම් සෙන්ටර්

ගීත සහ ගායන ශිල්පීන්:
සමුදුරේ සොයා – රුක්මණී දේවී / සූරිය රාණි
ගින්නකි හද මාගේ පෙම් – මොහිදීන් බෙග්
සිංහලයා මෝඩයා – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
පෙම් මල් මාලා – රුක්මණී දේවි / මොහිදීන් බෙග්
ආදර පාන සුදා – රුක්මණී දේවි
ලෝකේ සිනමාවකි – මේබල් බ්ලයිත්
කැරකෙනවා ලෝක බෝලේ – එඩී ජයමාන්න / මේබල් බ්ලයිත්
පෙම් සිහින ලෝකේ මායා – රුක්මණී දේවි / මොහිදීන් බෙග්
දෙවියනි කෝ සමන් දෙවියන් – රුක්මණී දේවි
සම්පතකි හොඳ දූ පුතුන් – සමූහ ගායනයකි

View more movie pictures and movie trailers ...

රඟපෑම් – රුක්මණි දේවි (කුසුමා), එඩී ජයමාන්න (විලියම්) බී. ඒ. ඩබ්. ජයමාන්න (රාළහාමි), මේබල් බ්ලයිත් (මිලී), මාක් සමරනායක (පොඩි මහත්තයා), සේනාධීර කුරුප්පු (එඩ්මන්ඩ් රත්නසාර), වික්ටර් රණවක (සැම්සන් අබේධීර), ලලිතා රුද්‍රිගු (ප්‍රේමා), විනෝදා රසාංජලී (හාමිනේ), සිරිල් ප්‍රනාන්දු(කතාකාරයා), ජෝ ජයමාන්න (ජේමිස්), ඉව්ලින් බාලසූරිය (කොනිසි), පීටර් පීරිස් (ඩිංගිරියා), හෙක්ටර් හේවාවිතාරණ (ජසයා), කරුණාතිලක (බබානිස්), ඩී. ටී. පෙරේරා (මුරුගේෂින්), ප්‍රේම්ලාල් (පොලිස් ඉන්ස්පැක්ටර්), ඩෙරික් සිල්වා (රෙජිස්ටර් රාළහාමි).
හඳුන්වාදීම – මේබල් බ්ලයිත්, ලලිතා රුද්‍රිගු, විනෝදා රසාංජලී,
ගීත පොත් – බී. ඒ. ඩබ්. ජයමාන්න – නිගම්බු ප්‍රින්ටර්ස්, මීගමුව.

ප්‍රදර්ශක – සිලෝන් තියටර්ස්
ප්‍රථම වරට සිනමා ශාලා 20 ක එකවර ප්‍රදර්ශනය විය.
එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි – වැල්ලවත්ත, මෙට්රො – නුගේගොඩ, අශෝකමාලා – මීගමුව, බ්‍රෝඩ්වේ – මාතර, ගාමිණී – මීරිගම, කිංග්ස් – බදුල්ල, ශාන්ති – පොල්ගහවෙල, තුසිත – දෙනියාය, ටාසන් – කෑගල්ල, විජිත – රත්මලාන, වේල්ස් – මහනුවර, පබ්ලික් හෝල් – ගම්පහ, ශ්‍රී ලංකා – වෙන්නප්පුව, කිංග්ස් – ගාල්ල, මහ ලේකම් – කුලියාපිටිය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, සෙල්වමහල්.

එල්ෆින්ස්ටන් සිනමාහලේ නොකඩවා දින 37 ක් තිරගත විය. චිත්‍රපටයේ දිග අඩි 15000 කි.

, , , , ,

View more movie pictures and movie trailers ...