E A P ready for next production with Jayaprakash Sivagurunathan

E A P ready for next production with Jayaprakash Sivagurunathan

ඊ. ඒ. පී. යළිත් නිෂ්පාදනයට
සෝමා එදිරිසිංහගේ අලුත් චිත්‍රපටය සිවගුරුනාදන්ට
සිවු වසරක නිහැඬියාවකින් අනතුරුව ඊ. ඒ. පී. සමාගම අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වේ.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් එහි අධ්‍යක්ෂවරයා වේ. කිං හන්තර් චිත්‍රපටය නිර්මාණය කළ සිවගුරුනාදන්ගේ දෙවැනි සිනමාපටය මෙය වේ.

විජය නන්දසිරි ද්විත්ව චරිත මැවීමට නියමිත මෙහි දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, ගිරිරාජ් කෞශල්‍ය, මිහිරි සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් ගණනාවක් රංගන දායකත්වය සපයනු ඇත.

තිලක් සේනාසිංහ, ගිරිරාජ් කෞශල්‍ය සමඟ මිහිර සිරිතිලක කතාව දෙබස් තිර රචනය කොට තිබේ.

සෝමා එදිරිසිංහගේ නිෂ්පාදකත්වය යටතේ ඉදිරිපත් වන මෙම සිනමා සිත්තම සඳහා රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයෙන්, ප්‍රසන්න ඉත්තෑපාන සහය අධ්‍යක්ෂණයෙන්, සිරිනාත වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙති.

රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වෙයි. නිහාල් සංජය නිෂ්පාදන විධායකවරයාය. අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහගේ විධායක නිෂ්පාදනයකි.

, , , , ,

Incoming search terms for sinhala movies:

Related posts:

Sri Lankan Film Bombs and Roses by Anurudda Jayasinghe at Sandeshaya Sri Lankan
Sri Lannkan Sinhala Film Mago Digo Dai by Lal Priyadeva at Sandeshaya Sri Lanka
Tharu Athara Mama – තරු අතර මම sinhala film by Buddhi Wickramaarachchi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...


Tags: , , , ,

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.