Neeta Fernando latest Sinhala film Saptaswara (Seven Notes)

Neeta Fernando latest Sinhala film Saptaswara (Seven Notes)

නීටා ප්‍රනාන්දු නිෂ්පාදනය කරන නවතම චිත්‍රපටය සෙවන් නෝට්ස් හී මුහුරත් උළෙල පසුගියදා පිළියන්දල දම්පෙ සුළග අවන්හලේදී පැවැත්විණි. එදිනම එම චිත්‍රපටයෙහි පළමු දර්ශනය රූගත කරන ලදී.

මෙහි කතා පුවත සකස් වී ඇත්තේ නර්මදා නමැති සංගීත ශිල්පිනියක් වටාය. ඇයගේ ජීවිතය හා බැඳුණු තවත් චරිත හයකි. ඔවුනට මුහුණපාන්න සිදු වන අත්දැකීම් ද විවිධාකාරය.

සෙවන් නෝට්ස් හී නර්මදාගේ චරිතය නීටා ප්‍රනාන්දු නිරූපණය කරයි. ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි, නදීකා ගුණසේකර, අනූෂා රාජපක්ෂ, සචිනි අයේන්ද්‍රා, ධනු ඉතසිවතම්බි, දිල්රුක් මල්ලවආරච්චි, සංජීව දිසානායක, නිරෝෂන් ඉලේපෙරුම, ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙති.

කැමරාව ප්‍රභාත් රෝෂන්ගෙනි. රංග දසනායකගේ මියුරු සත්ස්වරයෙන් සෙවන් නෝට්ස් ඔපවත් වේ. චන්න විජේවර්ධනගේ නැටුම් අධ්‍යක්ෂණයකි. හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුය. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයක් වේ. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. විදුර තුෂාර කොණ්ඩ මෝස්තරයෙන් එක් වෙයි. නිශාන්ත රණසිංහ සහය අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයා ඇත.

නීටාගේම නිෂ්පාදනයක් වන නිසලගිර සිනමා පටයේ කතා රචිකාව වන යොලන්ඩා වීරසිංහ සෙවන් නෝට්ස් හිද කතාව සකස් කර තිබේ.

, , , , , , , , , ,

Incoming search terms for sinhala movies:

Related posts:

Sinhala Film Angara Dangara Trailer and Released day Videos
Sinhala Film Kusa Paba by Sunil Ariyaratne
Sinhala Film Kurumittek Awilla by A.A. Junaideen

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...


Tags: , , , , , , , , ,

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.