Sinhala film Putha Mage Sooraya by Ranjith Jayasinghe

Sinhala film Putha Mage Sooraya by Ranjith Jayasinghe

by

Main Actor:
Main Actress:
Director: Ranjith Jayasinghe
Producer: Lakshman Gunasekera

, , , ,

ඇයි ඔබ තනි වෙලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් ජයසිංහගේ දෙවැනි සිනමා නිර්මාණය පුතා මගේ සූරයා 28 දා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ.

සිංහල සිනමාවේ දුෂ්ට චරිත නිරූපණයෙහිලා නමක් රැන්දූ පියදාස ගුණසේකරගේ පුතු ලක්ෂ්මන් ගුණසේකර නිෂ්පාදනය කර තිබෙන පුතා මගේ සූරයා හී ක්ලීටස් මෙන්ඩිස් ද්විත්ව චරිත රංගනයේ යෙදීම විශේෂත්වයකි.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශෂී විජේන්ද්‍ර, ජේ. එච්. ජයවර්ධන, වීණා ජයකොඩි, අනූෂා සොනාලි, ආනන්ද වික්‍රමගේ, හයිසින්ත් විජේරත්න, මානෙල් වානගුරු, විල්සන් කරුණරත්න, ලංකා රාජනී ගුණසේතර, රත්නා සුමනපාල, ශාන්ති අබේසේකර, සැන්ඩෝ හැරිස්, චන්ද්‍රසිරි සේවික්‍රම මෙහි සෙසු චරිත නිරූපණය කොට තිබේ.

කැමරාව බන්දුල කුරේ මෙහෙයවා තිබේ. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. සැන්ඩෝ හැරිස් මෙහි සටන් අධ්‍යක්ෂවරයාය. සරත් ද අල්විස් සංගීතයෙන් ද, නුවන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ සහ කුෂාණි සඳරේඛා ගායනයෙන්ද දායක වෙති.

ගී පද රචනා හේමසිරි හල්පිටගෙනි. ආතර් මෙනන් සමඟ රාජසිංහ ලෝලුවාගොඩ කලා අධ්‍යක්ෂවරුන්ය. ආනන්ද වික්‍රමකීර්ති සහය අධ්‍යක්ෂවරයා වේ.

ඩෙන්සිල් ජයවීර අතින් සංස්කරණය වූ පුතා මගේ සූරයා හී තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය රංජිත් ජයසිංහගෙනි.

රංජිත්, ජය ශක්ති, ඉන්ස්පෙක්ටර් ගීතා, වියරු මිනිසා, හිත හොඳ නම් වරදින් නෑ වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා වේ.

Article from sarasaviya.lk

Incoming search terms for sinhala movies:

Related posts:

Sri Lankan Sinhala Film Kupadiya by Mario Jayathunga - Jeevan Kumarathunga and Anoma Jinadari take o...
Sweet Angel coming on July 8 to Silver screen
Gamani Sinhala Film launched in EAP

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...


Tags: , , , , , , , ,

Leave a Reply

Please note: Comment moderation is enabled and may delay your comment. There is no need to resubmit your comment.